දේශපාලන අලෙවිකරණ ක්‍රියාවලියේදී හොඳම භාණ්ඩය තෝරගන්න - සජිත්  

දේශපාලන අලෙවිකරණ ක්‍රියාවලියේදී හොඳම භාණ්ඩය තෝරගන්න - සජිත්  

2019 සහ 2020 කාලය තුළදී විවිධ දේශපාලන වෙළෙන්දන් තමන්ව අලෙවි කරන්නට සුදානමින් සිටින බවත්, එම දේශපාලන අලෙවිකරණ ක්‍රියාවලියේදී කුමන දේශපාලන භාණ්ඩය තෝරා ගන්නේද කියා තීරණය කිරීම ජනතාව සතු බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි. 

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණෙන විට කළු කොඩි දමන්නැයි කියූ දේශප්‍රේමී හිටපු නිවාස ඇමතිවරයාගේ වස්ත්‍රය, හිටපු ජනාධිපතිවරයා විසින් පසුගියදා ගලවා දැමූ බවත්, මෙම විකට රංගනය දෙස හොඳින් බලා සිටින්නැයි තමන් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා පවසා ඇත.
 
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් සඳහා නිවාස ණය හා නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (19) දින සහභාගී වෙමිණි. මෙම උත්සවය රත්මලාන, ගොනාකෝවිල ඉදිරිපිටදී පැවැත්වුණි.  

ජනාධිපතිතුමන්, අගමැතිතුමන් සහ මුදල් ඇමතිතුමන් තම නිවාස වැඩසටහනට කිසිවිට සීමා බන්ධන පනවන්නේ නැති බවත්, තම උදා ගම්මාන වැඩසටහනට වැඩිම මුදලක් වෙන් වූයේ මෑත යුගයේදී බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.  

මෙම උත්සවයේදී ප්‍රතිලාභීන් 203 කට රුපියල් ලක්ෂ 406 ක් වටිනා ‘සොඳුරු පියස’ නිවාස ණය,  ප්‍රතිලාභීන් 16 කට නිවාස හිමිකම් පත්‍ර සහ ප්‍රතිලාභීන් 44 කට බදු ඔප්පු ප්‍රදානය කිරීම අමාත්‍යවරයා අතින් සිදු කෙරුණි.

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් රැසක් සහභාගී විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න