පොලිස් ඉතිහාසයටම මේ පොලිස්පති නින්දාවක් - අනුර 

පොලිස් ඉතිහාසයටම මේ පොලිස්පති නින්දාවක් - අනුර 

ඉතාමත් ළාබාල ළදරුවකු  ලෙස හැසිරෙමින්  සිටින  වත්මන් පොලිස්පති  ලංකා පොලිස් ඉතිහාසයටම නිගා වන පරිදි  හැසිරෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

මේ හේතු නිසා පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුවන පරික්ෂණ කටයුතු සම්බන්ධයෙන් ගැටලු පැන නැගෙන බවත් එහි ඇති විශ්වසනීයත්වය පිළිබඳවද සැක සහිත බවත් මන්ත්‍රිවරයා මෙහිදි  පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (19) මහනුවර මල්වතු අනුනායක හිමි බැහැදැකිමෙන් අනතුරුව මාධ්‍යෙව්දින් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ජනාධිපතිවරයා ඝාතනය කිරිම සඳහා කුමන්ත්‍රණයක් සිදු කළ බවට නිකුත් වු හඬ පටය සම්බන්ධයෙන්ට පරික්ෂණ පැවැත්වීමට පෙර පොලිස්පති පුජිත ජයසුන්ද විසින් නිඟමනයන් ඉදිරිපත් කරන බවද  මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න