ශ්‍රීලනිප 16 කණ්ඩායමේ අට දෙනෙකුගේ  : සංවිධායකධුර ගලවයි !

ශ්‍රීලනිප 16 කණ්ඩායමේ අට දෙනෙකුගේ  : සංවිධායකධුර ගලවයි !

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ 8 දෙනෙකු සංවිධායක  ධුරවලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගියදා ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තීන්දුව ගෙන ඇත.

සුසිල් ප්‍රේම්ජයන්ත - කඩුවෙල ආසන සංවිධායක

ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න - රත්නපුර සංවිධායක 

අනුර ප්‍රියදර්ශන යාපා - කටුගම්පොල ආසන සංවිධායක

ලක්ෂ්මන් යාපා අබේවර්ධන -හක්මන සංවිධායක

චන්දිම වීරක්කොඩි - හබරාදූව ආසන සංවිධායක

මෙසේ සංවිධායකධුර අහිමි වූ අය අතර වෙති. 

මෙම මන්ත්‍රීවරුන් තමන්ගේ ආසන තුළ බල මණ්ඩල පිහිටුවා නොමැති හෙයින් ආසන සංවිධායකධුරවලින් ඉවත් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න