ශ්‍රීලනිප නව සංවිධායකයන් පත්වීම් ලබයි !

ශ්‍රීලනිප නව සංවිධායකයන් පත්වීම් ලබයි !

ශ‍්‍රීලනිපය ට පත් කෙරුණු නව සංවිධායකවරුන් සහ නව දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ සහ ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ජනපති අතින් පත්වීම් ලබාගෙන ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට පත් කෙරුණු නව ආසන සංවිධායකවරුන් සහ දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ සහ ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සඳහා  පත්කෙරුණු නව සභාපතිවරුන් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන  අතින් සිය පත්වීම් ලිපි ලබාගෙන තිබේ.

මේ අනුව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මැද කොළඹ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබේ.

බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර හෙක්ටර් බෙත්මගේ මහතා  සහ හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා   කඩුවෙල ආසනයේ සම සංවිධායකවරුන් ලෙස පත්වීම් ලැබීය.

නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියන්න මහතා  ගම්පහ දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

සුමිතා පි‍්‍රයංගනී අබේධීර මහත්මිය  මතුගම ආසනයේ මතුගම ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශය භාර සම සංවිධායකවරියයි.

සුරංග ප‍්‍රෂාන් හි`දැල්ලආරච්චි මහතා  මතුගම ආසනයේ දොඩම්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශය භාර සම සංවිධායකවරයා සහ දොඩංගොඩ ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා වෙයි.

අමාත්‍ය පියසේන ගමගේ මහතා ගාල්ල දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

අමිල හර්ෂණ කාරියවසම් මහතා  බෙන්තර/ ඇල්පිටිය ආසනයේ සංවිධායකවරයා ලෙස සහ බෙන්තොට ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත් කර ඇත.

එන්.ඞී. සුසන්ත ලාල් ජයවීර මහතා කරන්දෙණිය ආසනයේ සංවිධායකවරයා ලෙස සහ එහි ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස පත්වීම් ලැබීය.

තිසර ගුණසිංහ මහතා  හබරාදූව ආසනයේ සංවිධායකවරයා ලෙස සහ එහි ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

අතුල කුමාර රාහුබද්ධ මහතා රත්නපුර දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස හා රත්නපුර ආසනයට අයත් ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස පත්වීම් ලැබීය.

දයාසිරි ජයසේකර මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ති‍්‍රක් නායක, දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු සම සභාපති සහ පන්නල ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

වෛද්‍ය කීර්ති ෆොන්සේකා මහතා යාපහුව ආසන සංවිධායකවරයා ලෙස සහ එහි ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස පත්ව සිටි.

ඒ.එච්.එම්. නාහීර් මහතා මුන්දලම ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත්වීම් ලැබීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න