විග්නේෂ්වරන්ගේ අලුත් පක්ෂය ලබන මාසේ

විග්නේෂ්වරන්ගේ අලුත් පක්ෂය ලබන මාසේ

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන සන්ධානයක් ලබන මස පිහිටුවීමට නියමිත බව උතුරේ දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.

දෙමළ ජාතික සන්ධානයට විකල්පයක් ලෙස පිහිටුවන නව දේශපාලන සන්ධානයට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය ආදී පිළිගත් පක්ෂවල සහාය ලබා ගැනීමට දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි දැනගන්නට තිබේ.

උතුරේ විද්වතුන් - සරසවි ශිෂ්‍ය සංවිධාන හා විදේශගත ඩයස්පෝරා ප්‍රජාවේ පූර්ණ අනුග්‍රහය මත නව දේශපාලන සන්ධානය ස්ථාපිත කෙරේ.

උතුරු පළාත් සභාවේ නිල කාලය හමාර වී එය විසිරගිය පසු අලුත් සන්ධානයේ නායකත්වය ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා විසින් භාරගනු ඇතැයි කියැවේ.

දේශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න