Language Switcher

V2025

එජාප සමග ගිවිසුම ගැන ශ්‍රීලනිප තීන්දුව අද !

යහපාලන ආණ්ඩුවේ ගිවිසුම්ගත කාලය මේ මස 31 වනදායින් අවසන්වීමට නියමිත අතර, ඒ අනුව තවදුරටත් ජාතික ආණ්ඩුවේ රැඳී සිටින්නේද යන්න පිළිබඳව අද තීරණය කරනු ඇති බව කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේය.

ඒ ජාතික ආණ්ඩුවේ ගිවිසුම්ගත කාලය අවසන් වීමෙන් පසු ආණ්ඩුවෙන් ඉවත්වනවාද යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රී පැවැත්වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති නිල නිවසේ පැවැත්වෙන මෙම රැස්වීමේදි ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතය.