ජනපති ඝාතන කුමන්ත‍්‍රණය උඩුයටිකුරු වේ :   ඉන්දියානුවෙක් අත්අඩංගුවට !

ජනපති ඝාතන කුමන්ත‍්‍රණය උඩුයටිකුරු වේ :   ඉන්දියානුවෙක් අත්අඩංගුවට !

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා සිදුකළ බව කියන කුමන්ත‍්‍රණය පිළිබඳව තොරතුරු හෙළි කළ දූෂණ විරෝධී ජාතික පෙරමුණේ නාමල් කුමාරගේ සමග සබඳතා පැවැත්වූ බව කියන ඉන්දීය ජාතිකයකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (21 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකටයුතු ඉන්දීය ජාතිකයා 53 වැනි වියේ පසුවන අතර ඔහු මීට ටික කලකට උඩදී ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයෙකි.

සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන් ඉන්දියාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය විරෝධී සංවිධානයක ක්‍රියාකාරී සාමාජිකයකු බවත් තමන් වෙත එල්ල වූ මරණීය තර්ජන නිසා හොර රහසේම ශ්‍රී ලංකාවට පලා ආ බවත්ය.

තමන් මෙරටදී සරණාගතභාවය ඉල්ලා සිටියද එය නොලැබුණු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

නාමල් කුමාරගේ මාධ්‍ය ඔස්‌සේ සිදුකළ හෙළිදරව්ව පිළිබඳව තමන් දුටු බවත් ඒ පිළිබඳව ඔහු සමඟ සාකච්ඡා කිරීමට අවස්‌ථා කීපයකදීම වරකාපොළ පිහිටි ඔහුගේ නිවසට පැමිණි බවත් සැකකරු ප්‍රකාශ කර ඇත.

එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සැකකරු සිදුකරන ප්‍රකාශ පරස්‌පර විරෝධී බවය.

මෙසේ සැකකරු රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි
– divaina

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න