හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවිධිමත් ලෙස ලබා ගත් ණයවලට ලබන වසරේ ණය පොලිය පමණක් ඩොලර් මිලියන හාරදහසක් ගෙවීමට ඇති බවත්, එවැනි ණය බරක් නොතිබුණා නම් රුපියලේ අගය මේ තරම් බාල්දු නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
නව උදා ගම්මාන වැඩසටහන යටතේ ඉදිකළ හම්බන්තොට සූරියවැව වැදිවැව ඩී.එස්.සේනානායක ආදර්ශ ගම්මානය ඊයේ (24) විවෘත කිරීමෙන් පසු, අගමැති රනිල් වික්‍රමසිංහ මේ බව පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා ණය ලබා ගෙන රටට ආර්ථික වාසි නොමැති, ඵලදායි නොවන දේ සඳහා යෙදවූ බව කී අගමැතිවරයා 2008 වසරෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා ණය ලබා ගෙන ඇත්තේ ඩොලර්වලින් බවත්, ඊට පෙර ණය ලබා ගෙන තිබුණේ රුපියල්වලින් බවත්, මෙම අර්බුදය වැඩිවීමට හේතුව එය බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැතිව සිටි සමයේ ගෝලීය ආර්ථිකයේ අර්බුදයක් නොමැතිව තිබිය දී පවා මාස හතරක දී ඩොලරයේ අගය රුපියල් 113 සිට 132 දක්වා ඉහළ ගිය බව පෙන්වා දුන් අගමැතිවරයා දැන් ගෝලීය අර්බුදයක් පවතින අවස්ථාවේ ඩොලරයේ අගය ඉහළ යාම සම්බන්ධයෙන් දෙන විසඳුම කුමක් දැයි, ඔහු රටට හෙළි කළ යුතු බව සඳහන් කළේය.
ඩොලරයේ අගය ඉහළ යාම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා විවිධ මත පළ කරන බව කී අගමැති වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් ණය ගෝලීය ආර්ථිකයක් පවතින මෙම අවස්ථාවේ පියවන්නේ කෙසේදැයි ඔහු පිළිතුරු දිය යුතු බවත් අගමැතිවරයා සඳහන් කළේය.
කුමන ආර්ථික අර්බුද පැමිණියත් සංවර්ධනය සඳහා වැය කරන මුදල් අඩු නොකරන බවද අගමැතිවරයා කීය.
එහිදි අගමැති වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
අද ගෝලීය ආර්ථික අර්බුදයක් ඇති වී තිබෙනවා. අමෙරිකන් ඩොලරය ශක්තිමත් වීම නිසා රුපියලට පමණක් නොව රටවල් ගණනාවක මුදල් ඒකකවලට එය බලපා තිබෙනවා. 2008 දී අමෙරිකානු ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ දී ආයෝජකයන් ඒ රටේ ආයෝජනය කර තිබු මුදල් වෙන රටවලට ගෙන ගියා. 2018 දී ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙල නිසා එහි ආර්ථිකය ශක්තිමත් වී ඩොලරයේ අගය ඉහළ ගියා. හැම ආයෝජකයෙක්ම මුදල් අමෙරිකාවට ගෙන යනවා. එවිට අපේ මුදල්වල අගය අඩු වෙනවා. මේ තත්ත්වය හැම රටකටම බලපා තිබෙනවා.
අනික් අතට ලෝක තෙල් මිල වැඩි වෙනවා. මේ තත්ත්වය ද අනෙක් රටවල්වලට මෙන්ම අපේ රටටත් බලපානවා. ආනයනකරුවන් ඩොලර් වැඩියෙන් ඉල්ලනවා. තවමත් අපේ රටේ තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ රජය 1977- 1994 වසරවල ආරම්භ කළ අපනයන පමණයි. ඉන්පසු අලුත් අපනයන ඇති වී නැහැ. ඇති වී තිබෙන මෙම තත්ත්වයට අප මුහුණ දෙන්න ලැහැස්තියි.
මේ සම්බන්ධයෙන් අප සාකච්ඡා කර ගත යුතු සෑම පියවරක්ම ගන්නවා. කුමන හේතුවක් නිසාවත් අප එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා, ගම්පෙරලිය, අධ්‍යාපනය, සෞඛ්‍යය ආදිය වෙනුවෙන් වෙන් කර තිබෙන කිසිම මුදලක් අඩු කරන්නේ නැහැ.

