ශී‍්‍ර ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක සංවර්ධන ආධාරයක් සැපයීමට ඇමරිකාව සූදානම් 

ශී‍්‍ර ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක සංවර්ධන ආධාරයක් සැපයීමට ඇමරිකාව සූදානම් 
එක්සත් ජනපද රජයට අයත් සහශ‍්‍ර අභියෝගතා සංස්ථාව ශ‍්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8,000 කට අධික සංවර්ධන ආධාරයක් සැපයීමට සූදානම් බව එම සංස්ථාවේ ප‍්‍රධාන විධායක නිලධාරි  Brock Bierman  මහතා පවසයි.  
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව ඊයේ (24) පස්වරුවේ හමුවූ  සහශ‍්‍ර අභියෝගතා සංස්ථාවේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා මේ බව සඳහන්  කළේය.
මෙම මුදල් පරිත්‍යාගයට අදාළ කෙටුම්පත දැනටමත් සකස් කර අවසන් අතර, එය ඉදිරි දිනවලදී එක්සත් ජාතීන්ගේ සෙනට් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ද  Brock Bierman  මහතා පැවසීය.
එම අනුමැතිය ලැබීමෙන් අනතුරුව එළඹෙන දෙසැම්බර් මාසයේ දී අදාළ ගිවිසුම කොළඹ දී අත්සන් තැබීමට හැකි බව සඳහන්  කළ ඒ මහතා, එම අවස්ථාවට ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන ද සහභාගීවන්නේ නම් ඒ පිළිබඳ  අතිශයින් කෘතඥ වන බවද   කියා සිටියේය.
ඊට එකඟතාව පළ කළ ජනාධිපතිතුමා එක්සත් ජනපද රජය දීර්ඝ කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකාවට ලබාදෙන සංවර්ධන සහය පිළිබඳ  තම ස්තූතිය පළ කළේය.
ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ලබාදෙන  මෙම නව සංවර්ධන ආධාරය ඉතා අගය කළ ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකාවේ මගී ප‍්‍රවාහන සේවාවේ සංවර්ධනය මෙන්ම මාර්ග තදබදය අවම කිරීමේ නව ව්‍යාපෘති වෙනුවෙන් එම මුදල් ආයෝජනය කිරීමට අපේ්ක්ෂා කරන බව ද සඳහන්  කළේය.අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, තිලක් මාරපන යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න