බුලත් විටෙත් මිල ඉහළට !

බුලත් විටෙත් මිල ඉහළට !

නිෂ්පාදන වියදම වැඩි බව පවසමින් රුපියල් 30 ක්ව පැවති බුලත් විටක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට  අලෙවිකරුවෝ තීරණය කොට තිබේ.

ඒ අනුව දිවයින පුරා රුපියල් තිහකට අලෙවි වූ බුලත්විටක් රුපියල් 40 කට අලෙවි කරන බව ජනතාව පවසති.
 පුවක් ගෙඩියක් රුපියල් හතරක තොග මිලකට අලෙවි වන බවත් බුලත් කොළයක තොග මිල රුපියල් තුනක් වන බවත් නිෂ්පාදකයෝ පවසති.

දිනෙන් දින සියලුම පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ ගිය ද බුලත් විටක මිල වසර ගණනාවක සිට රුපියල් තිහකට අලෙවි කළ බවත් ඔවුහු පවසති.

නිෂ්පාදන වියදම අධික වීම හේතුවෙන් බුලත්විට අලෙවි කිරීම තුළින් පාඩු සිදුවන බවත් එම නිසා රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදු වූ බව ඔවුහු වැඩි දුරටත් සඳහන් කර සිටිති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න