අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මාලදිවයින් ජනාධිපති දිව්රුම්දීමේ අවස්ථාවට එක්වන ලෙස ආරාධනා ලැබී ඇති බව වාර්තා වෙයි.
අද(25) උදෑසන අග්‍රාමාත්‍යවරයා, මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඊබ්‍රහීම් මොහොමඩ් සෝළි මැතිතුමා දුරකථනයෙන් අමතමින් එතුමාගේ ජයග්‍රහණය නිමිත්තෙන් ශුභ පැතුම් පිරිනමා ඇති අතර එහිදී ආදාළ ආරාධනාව සිදුව ඇත.
එසේම හිටපු ජනාධිපති, අබ්දුල්ලා යමීන් සමඟ ඊයේ (24) අග්‍රාමාත්‍යවරයා දුරකථනයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව වික්‍රමසිංහ මහතා යමීන් මහතා වෙත ප්‍රසාදය පිරිනමා ඇති අතර ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාව එතුමා සාදරයෙන් පිළිගන්නා බව ද සඳහන් කර ඇත.
මේ සම්බන්ධව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි වැඩි දුරටත් මෙසේද සඳහන් වෙයි.
ඊයේ(24) සවස් වරුවේ දී මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මැතිතුමා අරලියගහ මන්දිරයට පැමිණ වික්‍රමසිංහ මහතා හමුවිය.
මාලදිවයිනේ දේශපාලන තත්ත්වය මෙන්ම කලාපීය දේශපාලන කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදී. ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් විසින් මාලදිවයිනේ සිදුකර ඇති ආයෝජන අගය කළ අතර, තවදුරටත් මාලදිවයිනේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහයෝගය අපේක්ෂා කරන බව ද එහිදී නෂීඩ් මැතිතුමා පෙන්වා දුන්නේය.
හිටපු ජනාධිපති නෂීඩ් මැතිතුමා මාලදිවයිනේ නව ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවට එක්වන ලෙස අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කරන ලදී.

