මරණ දඬුවමෙන් නිදහස් කරන්න ඉල්ලු  : වාස් ගේ පෙත්සම විභාගයට

මරණ දඬුවමෙන් නිදහස් කරන්න ඉල්ලු  : වාස් ගේ පෙත්සම විභාගයට

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දමන ලදැයි චෝදනා ලබා මරණ දඬුවම් ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හයදෙනා තමන්ව එම චෝදනාවලින් නිදහස් කරන මෙන් ඉල්ලා ඉදිරිපත් කර ඇති අභියාචනා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25)  තීරණය කර ඇත.

එම අභියාචනා පෙත්සම් අද අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් සහ ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අතර එහිදී  විනිසුරුවරුන්  තීන්දු කර ඇත්තේ  අදාළ පෙත්සම් ජනවාරි මස 29 වන දා සිට  පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමටය.

පෙත්සම ඉදිරිපත් කරන නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හයදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන්කර ඇත්තේ මොහොමඩ් සියාම් නැමැති ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් මරා දමන ලදැයි කියන චෝදනාව සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තමන්ට මරණීය දණ්ඩනය නියම කළ බවයි.

එසේම එම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම දඬුවම නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් මේ හේතුවෙන් තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු විත්තිකරුවන් හයදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න