වැලිකඩ ඝාතනය : රංගජීවට ඇප !

වැලිකඩ ඝාතනය : රංගජීවට ඇප !

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර ඇත.

නියෝමාල් රංගජීව මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ ප්‍රතිශේධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.

නියෝමාල් රංගජීව මහතාගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද  අධිකරණය නියෝග කර ඇති අතර සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන්ය.

මීට අමතරව 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ලමාහේවා මහතා වෙනුවෙන් ඉදිරිපත්ව ඇති ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි. 

ජනාධිපතිට රංගජීව දුක කිව්වා !

මත්ද්‍රව්‍ය වැටලීම් දක්ෂ  ලෙස සිදුකළ නිලධාරියෙකු බොරු නඩුවක පටලවා ඇති බවත් ඒ හේතුවෙන් තමන් වැනි අසාධාරණයට ලක්වූ පිරිස් ගැන අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයාට දන්වන ලෙසත් පසුගිය නඩු වාරයේදී රංගජීව මහතා මාධ්‍ය වෙත කෑගසා පවසන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න