නාමල්ගේ පෞද්ගලික  රේස් පිට්ටනියේ  : සජිත් ගෙවල් හදයි !

නාමල්ගේ පෞද්ගලික  රේස් පිට්ටනියේ  : සජිත් ගෙවල් හදයි !

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එවකට රේස් කාර් පැදීමට වෙන්කරගෙන සිටි  තිස්සමහාරාම, රන්මිණිතැන්න ප්‍රදේශයේ අක්කර 1000 කට වැඩි භූමි ප්‍රමාණයක් යහපාලන රජය අද එම භූමිය කොටස් කර නිවාස නොමැති මෙරට දුප්පත් තරුණ පවුල් වලට නිවාස ඉදිකිරීමට ලබා දී ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස  පවසයි.

එසේම උදෑසන අවදිවන විට රුපියල බාල්දු වන වා සේ වත්මන් ජනාධිපතිතුමාත්, අගැමැතිතුමාත්, බාල්දු වන බව හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇති බවත්, ශ්‍රේෂ්ඨ බෞද්ධයකු මෙන් ඔහු ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට රණවිරුවන් ලවා වැලි කොට්ට දමා රේස් කාර් පදිමින්, සංගීත සංදර්ශන පවත්වා බුදු සසුනත්, රටත්, තම පියාත් උපරිම බාල්දුවට ලක් කළ අකාරය අද ඔහුට අමතක වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

හිටපු ජනාධිපතිතුමාට රජ පුටුවෙන් ගෙදර යාමට ප්‍රධාන හේතුව වුයේ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය බවත්, එම ක්‍රියාකලාපය නිසා ඔහුගේ පියා අද බාල්දු වී සිටිනවා නේද කියා සිතා බලන ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ගල්වැව ප්‍රදේශයේ ඉදිවන   “සදාවීර සෙන්පති රන්ජන් විජේරත්නගම” හා “සෙන්රදගම” යන උදාගම්මාන 2 කට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (25) දින සහභාගී වෙමිණි.
 
‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ දිවයිනේ ඉදිවෙන 1296 සහ 1297 වන ආදර්ශ ගම්මාන මේවා වේ. මෙම ගම්මාන දෙකෙහි නිවාස 25 බැගින් ඉදි කිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න