ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියේ පැමිණීලිකරු වූ නාමල් කුමාර යන අයගේ නිවසට පැමිණී බව කියන ඉන්දියන් ජාතිකයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තවදුරටත් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට සූදානම් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ සඳහන් කර ඇති බව වාර්තා වෙයි.
එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එම ආර්යාව මෙන්ම වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඇතුලු අයගේ ජීවිත තර්ජනයක් ඇති බවට එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සඳහන් කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබේ.
එහෙත් ඒ සම්බන්ධයෙන් මෙම සැකකාර ඉන්දියන් ජාතිකයා කිසිම වගකිවයුතු ස්ථානයකට මේ බව දැනුම්දීමක් සිදුකර නැතැයි ද රහස් පොලීසියට වැඩිදුරටත් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

