යෝෂිතටත්  නඩුවක්  !

යෝෂිතටත්  නඩුවක්  !

මුදල් විශුද්ධීකරණය කළැයි කියන සිද්ධියට අදාළව නාවික හමුදාවේ හිටපු ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඔහුගේ මිත්තණීය වූ ඩේසි ෆොරෙස්ට් මහත්මියට එරෙහිව නඩු පැවරීමට නීතිපති උපෙදස් සඳහා උදෘත ගොනුකර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය  ඊයේ  (26)  ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට   දැනුම්දී ඇති බව වාර්තා වෙයි. 

අයථා මාර්ගයෙන් උපයාගත් බවට සැකකෙරෙන මුදල්, ව්‍යාපාර කටයුතුවලට හා දේපොළ මිලදී ගැනීමට යොදවා ඇතැයි කියමින් ලැබුණු පැමිණිල්ලක් අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙම විමර්ශන පවත්වා ඇත.  

රත්මලාන ප‍්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 36 වටිනාකමකින්  යුත් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ සිද්ධියකට අදාළ නඩුව ඊයේ  ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් මොහොමඞ් මිහාල් මහතා ඉදිරියේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න