මහින්ද -ගෝඨා එනතුරු : නාමල් කුමාර පන්සලේ බලාසිටියි  !

මහින්ද -ගෝඨා එනතුරු : නාමල් කුමාර පන්සලේ බලාසිටියි  !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ ආරක්ෂ අමාත්‍යංශයේ හිටපු ලේකම් ඝෝඨාභය රාජපක්ෂට වරකාපොළ ප්‍රදේශයේ විහාරස්ථානයක උත්සවයක් සදහා පැමිණෙන ලෙස ප්‍රාදේශීය දේශපාලනඥයකු හරහා නාමල් කුමාර මීට මාස 03 කට පමණ පෙර ආරාධනා කර ඇති බව වාර්තා වේ.

කෑගල්ල ප්‍රාදේශීය දේශපාලකයකු හරහා ඔවුන් දෙදෙනා මෙම උත්සවයට සහභාගී කරවා ගැනීමට නාමල් කුමාරගේ විසින් උත්සාහ දරා තිබෙන අතර  තම ඉල්ලීම ඉටු කරන්නේ නැතිනම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම උත්සවය සඳහා කැඳවා ගන්නා බවද නාමල් කුමාර මහතා සඳහන් කර තිබෙන බවද දැනගන්නට ඇත.

මේ පිළිබදව නාමල් කුමාරගෙන් මාධ්‍ය සිදුකල  විමසුමකදී ඔහු සදහන් කළේ තංගල්ල කාල්ටන් නිවසට ගොස්  මහින්ද රාජපක්ෂට මහතාට එම ආරාධනය ඉදිරිපත් කළ ද ඔහුගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි. 

ඒ හේතුවෙන් උත්සවය කල් දැමා ඇති බවද ඔහු සදහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න