LTTE මහවිරු සමරු නිසා රට බෙදෙන්නේ නෑ: හමුදාපති 

LTTE මහවිරු සමරු නිසා රට බෙදෙන්නේ නෑ: හමුදාපති 

උතුරේ ජනතාව මහවිරු සමරු පවත්වා යුද්ධයෙන් මියගිය LTTE සාමාජිකයන් අනුස්මරණය කිරීම මගින් රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙතැයි දකුණේ කරනු ලබන බිය ගැන්වීම් ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානියා විසින් බැහැර කරයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් යුද හමුදාව සැලකිලිමත්ව ඉන්නා බවද  හමුදාපතිවරයා කියා සිටියි.

මේ මස 10 වැනිදාට ශ්‍රී ලංකා යුද හමුදාවට 69 අවුරුද්දක් පිරීම නිමිත්තෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය අබියස පැවති හමුදා ධජ සඳහා සෙත් පැතීමේ උත්සවය අවසානයේ ඔහු එබව කියා සිටියේය.

එසේම  “සිංහල, බෞද්ධ, දෙමළ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ඕනේ කෙනෙක්ට පොදු දෙයක් තමයි මිනිස්සු මියයාම. ඉතින් මියනවුන් සිහිපත් කිරීම ගැන අපේ ගැටළුවක් නෑ,” 

 “එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් සිදු කරනවා කියලා පැවැත්වෙනවානම්, යම්කිසි මතයක් රට තුල ඇතිවෙන්නට පුළුවන්. ඒ වගේම සැලකිලිමත් විය යුතුයි. ඒක හැබැයි ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයි. එක දිනයකට පැය කීපයකට එවැනි සංවිධානයක් කරපු උත්සවයක් පැවැත්වීමෙන් මේ රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙලා මේ රට නැවත බෙදෙන්නේ නම් නැහැ.” යනුවෙන්ද හමුදාපතිවරයා අදහස් දක්වා ඇත.

යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවන් ජිවිතක්ෂයට පත්වු සාමාජිකයින් සැමරීමේ මහවිරු දිනය සැමරීම වෙනුවෙන් කිලිනොච්චිය, කනගපුරම් ප්‍රදේශයේ පවතින මහවිරු සොහොන මේ දිනයන්හි පිරිසිදු කිරීම් සිදුවන බවත්  ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව හා ආරක්ෂා අංශ මුනිවත රකින බවට චෝදනා කරමින් ඒකාබද්ධයට හිතවත් මාධ්‍යවල පලවී ඇති වාර්තාවට ප්‍රතිචාරයක් ලෙස යුධ හමුදාපතිවරයාගේ ප්‍රකාශය සැළකිය හැකිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න