බස් රථ සහ දුම්රිය ගාස්තු සංශෝධනය ගැන : මගී සංගමයෙන්  RTI ඉල්ලුම් පත්‍රයක් !

බස් රථ සහ දුම්රිය ගාස්තු සංශෝධනය ගැන : මගී සංගමයෙන්  RTI ඉල්ලුම් පත්‍රයක් !

බස් රථ සහ දුම්රිය ගාස්තු සංශෝධනයේ ඇතිවී තිබෙන ගැටළු සහ මගීන් මුහුණ දෙමින් සිටින ගැටළු සම්බන්ධයෙන් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ප‍්‍රකාරව කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය විසින් තොරතුරු ඉල්ලිමක් කර තිබේ. 

ඒ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතාගෙනි.

එසේ ඉක්මන් පිළිතුරු අපේක්‍ෂාවෙන් ඉල්ලා ඇති තොරතුරු පහත පරිදි වේ. 

  1. 2018. 09. 21. දින සිට ක්‍රියාත්මක නව බස් ගාස්තු සංශෝධනය සඳහා උපදෙස් ලබා ගත් විද්වත් කමිටුවේ සාමාජිකයන්ගේ නම් මොනවාද?
    2. 2018. 09. 21. දින සිදුකළ නව බස් ගාස්තු සංශෝධනයේ ඇතැම් සංශෝධනයන් හි මිල වැඩිවීම 4% ඉක්මවන්නේ ඇයි? (නිදසුන් - 5, 15, 23, 35, 44 ගාස්තු අවස්ථාවන්)
    3. එසේ,  4% ඉක්මවා බස් ගාස්තු සංශෝධනය කිරීම නීති විරෝධී කටයුත්තක් නොවේ ද?
    4. 2018. 10. 01. දින සිදුකළ නව දුම්රිය ගාස්තු සංශෝධනයේ ඇතැම් සංශෝධනයන් හි මිල වැඩිවීම 15% ඉක්මවන්නේ ඇයි? 
    5. එසේ,  15% ඉක්මවා දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම නීති විරෝධී කටයුත්තක් නොවේ ද?
    6. කොළඹ කොටුව සිට යාපනය දක්වා දුම්රිය ගාස්තු නව සංශෝධනය අනුව ඉහළ දමා ඇත්තේ, රුපියල් 30කින් පමණක් වන අතර ඒ රුපියල් 320 සිට රු. 350 දක්වා ය. අනෙකුත් ගමනාන්තවලට සාපේක්ෂව කොළඹ කොටුව සිට යාපනය දක්වා පමණක් දුම්රිය ගාස්තුව අවම ප්‍රතිශතයකින් ඉහල දමා ඇත්තේ ඇයි?
    7. ඒකාබද්ධ කාල සටහන් ක්‍රමයක් ඇති කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? 
    8.  එහි ප්‍රගතිය කෙසේ ද?
    9. ලංකා ගමනාගමන මණ්ඩලයේ පිටකොටුව බස් පර්යන්තයෙන් ආරම්භවන දුරගමන් බස් රථවල ආසන වෙන්කර ගැනීම සඳහා හඳුන්වා දුන් ජංගම දුරකථන මෘදුකාංගයේ සේවා ගාස්තුව හිමිවන්නේ කුමන ආයතනයකට ද? එය කොපමනක් ද?
    10. ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීමේ වැඩසටහනේ වත්මන් තත්ත්වය කුමක් ද?
    11. කොළඹ නාගරික ප්‍රවාහන විස්තීරණ සැලැස්ම කොතරම් දුරට ක්‍රියාත්මක වී තිබේ ද? 
    12. අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව අවලංගු කිරීමට ගත් ක්‍රියාමාර්ගයට කුමක් සිදුවී තිබේ ද?
    13. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ෆැක්ස් අංකය සහ විද්‍යුත් ලිපිනය කුමක් ද?
    14. එම ෆැක්ස් අංකය සහ විද්‍යුත් ලිපිනය භාවිතයේ පවතී ද?
    15. එම ෆැක්ස් අංකයට සහ විද්‍යුත් ලිපිනයට ලැබෙන පණිවිඩ සඳහා ප්‍රතිචාර දක්වන්නේ ද? දක්වන්නේ නම් ඒ කවුද?
    මේ සම්බන්ධව ප්‍රවාහන අමාත්‍යංශය වෙත යොමුකළ තොරතුරු ඉල්ලුම් පත්‍රය පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න