රාජ්‍ය අමාත්‍යවරයෙකු ASP නිලයට උසස් කරයි

රාජ්‍ය අමාත්‍යවරයෙකු ASP නිලයට උසස් කරයි

වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර සහකාර පොලිස් අධිකාරි තනතුරේ පිහිටුවා විශ්‍රාමගන්වන ලෙස ජාතික පොලිස් කොමිසම නිර්දේශ කොට ඇති බව වාර්තා වෙයි.

ජාතික පොලිස් කොමිසම මෙම නිර්දේශය නිකුත්කොට තිබෙන්නේ ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරියේ නියුතුව සිටියදී පාලිත රංගේ බණ්ඩාර දේශපාලන පලි ගැනීමකට ලක්වූ බව සලකා අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ ප‍්‍රතිපත්තීමය තීරණයකට අදාලව තීරණය ලබා දෙමින්ය.

 ඒ අනුව අදාළ නිර්දේශය මේ වන විට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යශයේ ලේකම්වරයා වෙත යොමු කර ඇති අතර ඊට අනුව 2000 අගෝස්තු මස 24 දා සිට රංගේ බණ්ඩාර රාජකාරි සේවයේ පිහිටුවා ඇති ලෙස සලකා 2000 අගෝස්තු මස 27 දා සිට බලපැවැත්වෙන පරිදි ඔහු සහකාර පොලිස් අධිකාරී ධූරයට උසස් කිරීමෙන් පසුව විශ්‍රාම ගැන්වීමට නියමිතව ඇත.

එසේම මෙම විශ්‍රාම ගැන්වීම හිග වැටුප් ගෙවීමකින් තොරව සිදුකරන ලෙසද ජාතික පොලිස් කොමිසම නිර්දේශ කර ඇත.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න