සේවා ව්‍යවස්ථාවක් සහ ප්‍රමාණවත් තක්සේරුකරුවන් නොමැතිකමින් රාජ්‍ය ආයතනවලින් 2/3ක ප්‍රමාණයක වත්කම් තක්සේරු කිරීම ඇණහිට තිබේ.
ඒ අනුව, රාජ්‍ය ආයතනවල දේපළ හා වත්කම් නිසි ලෙස තක්සේරු නොකිරීම නිසා රුපියල් මිලියන 6000කට ආසන්න මුදලක් රජයට වාර්ෂිකව අහිමි වී තිබේ.
තක්සේරුකරුවන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොමැතිකම නිසා වසර 20 කට ආසන්න කාලයක් පළාත් පාලන ආයතනවල තක්සේරුකරණය ප්‍රතිශෝධනය කර නොමැති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳව කළ විමසීමක දී රජයේ තක්සේරුකරුවන්ගේ සංගමයේ සභාපති නිලන්ත ඒකනායක මහතා ප්‍රකාශ කළේ රජයේ වත්මන් තක්සේරුකරුගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් නිසා රාජ්‍ය තක්සේරු කටයුතු පෞද්ගලික අංශය වෙත පවරා දීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.
රාජ්‍ය තක්සේරුවල විශ්වාසනීයත්වය බිඳ වැටෙමින් අත යට ගනුදෙනුවලින් තක්සේරු කටයුතුවල දී හොරකම්, වංචා, දුෂණ සිදුවන බව ද පැවසූ නිලන්ත ඒකනායක මහතා දැනට සිටින තක්සේරුකරුවන් 370කට ආසන්න සංඛ්‍යාව සේවා ව්‍යවස්ථාවට අනුව 800 දක්වා ඉදිරියේ වැඩි කිරීමට පියවර නොගතහොත් රාජ්‍ය තක්සේරු කටයුතු දැඩි අවදානමකට ලක් විය හැකි බවට ද අනතුරු ඇඟවීය.