ලංවිම සේවකයන්ට බිලියන තුන්දාහක නීති විරෝධී දීමනා

ලංවිම සේවකයන්ට බිලියන තුන්දාහක නීති විරෝධී දීමනා

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට නීතියට පටහැනි ලෙස විවිධ දීමනා ගෙවීම සඳහා රුපියල් මිලියන 3215 ක් ඉකුත් වර්ෂ තුනක කාලයේ දී වැයකර තිබේ.

1994 ජුනි 04 දිනැති අංක 25 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛනයට පටහැනිව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් තොරව එම මුදල් ගෙවා ඇත.

2016 වර්ෂයේ දී විවිධ දීමනා වශයෙන් රුපියල් මිලියන 1222 ක් ද ඉකුත් වර්ෂ දෙක සඳහා තවත් රුපියල් මිලියන 1993 ක් වශයෙන් රුපියල් මිලියන 3215 ක් ද ගෙවා ඇත.

මේ ආකාරයට 2014 වර්ෂයේ දී විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට පමණක් වෙනම වැටුප් තලයක් පිහිටුවා වැටුප් වැඩි කිරීමට එරෙහිව ලංකා පොදු සේවක සංගමය අඛණ්ඩ උපවාසයක් ද ආරම්භ කර තිබේ.

(සත්හඬ)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න