රුසියානු සයිබර් 'අපරාධකරු' නිදහස් කල අය අලි අමාරුවක !

රුසියානු සයිබර් 'අපරාධකරු' නිදහස් කල අය අලි අමාරුවක !

අත්අඩංගුවට ගත් රුසියානු සයිබර් අපරාධකරුට ශ්‍රී ලංකාවෙන් පැනයාම ඉඩසලසු ආරක්ෂක අංශ ප්‍රධානින් මේවනවිට බලවත් අපහසුතාවයකට පත්ව සිටින බව වාර්තාවේ.

ඒ ඇමරිකානු රජයේ බලපෑම මත එම නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ සුදානමක් පැවතීම හේතුවෙනි.

මෙම රුසියානු සයිබර් අපරාධකරුවා හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී ඔහු තම රටට වහාම ඔහුව බාරදෙන ඇමරිකාව හා රුසියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබිණ.

ප්‍රබල ඔත්තු සේවා නිලධාරියකු යැයි සැකකරන මෙම රුසියානු ජාතිකයා දෙරටෙන්ම ඉල්ලා සිටීමෙන් පසුව ඔහු දකුණේ හෝටලයක නැවතී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

අධිකරණයේ තීන්දුව මත සුදුසු තීරණ ගැනීම ශ්‍රී ලංකා රජයේ අරමුණු වී තිබිණි.

කෙසේ හෝ අධිකරණයට ඉදිරිපත් කළ මෙම තැනැත්තාට ඇප ලබාදීමට පොලිසිය විරෝධයක් පල නොකළ හෙයින් අධිකරණයෙන් ඇප නියම විය.

ඉන්පසුව ඔහු අතුරුදන් වී ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරුව මෙම රුසියානු සයිබර් අපරාධකරුවා කටුනායකට පැමිණි රුසියානු විශේෂ ගුවන් යානයකින් රුසියාවට පලා ගොස් ඇත.

 සබැඳි පුවත් :

ලංකාවෙන් පැනගිය රුසියානු සයිබර් අපරාධකරු කවුද?

ඇමරිකාව ඉල්ලු රුසියානු ඔත්තුකරුවා ලංකාවෙන් පැනගිහින් !

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න