තමා ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය භාරගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 'මව්බිම' පුවත්පතට ප්‍රකාශකර ඇත.
පක්ෂයේ නායකත්වය භාරගන්නා ලෙසට තමාට ආරාධනා දිගින් දිගටම ලැබෙමින් පවතින බවත් විශේෂයෙන් ජනතාවගෙන් අතිබහුතරයක් මේ ඉල්ලීම කරන බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
මේ අතර සති අන්ත 'අනිද්දා' පුවත්පත වාර්තා කර ඇත්තේ 'මහින්ද පොහොට්ටු සාමාජිකත්වය නොගන්නා බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි වීමේ ඉඩක් ඇති නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වත්මන් පාර්ලිමේන්තුවේ ධූර කාලය අවසන් වෙන තෙක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය හෝ එහි නායකත්වය නොගන්නා බව අනිද්දා පුවත්පත වාර්තා කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
