මාතර පොලිසිය හොර නින්දක !

මාතර පොලිසිය හොර නින්දක !

ඉකුත් සැප්තැම්බර් 21 දා මොරවක ප්‍රදේශයේ කාන්තාවක සිය රාජකාරි අවශ්‍යතාවක් සදහා දිවුරුම් ප්‍රකාශය ක් ලබාගැනීමට මොරවක මිල්ල ඇල පිහිටි තරින්ද අබේගුණවර්ධන නැමති සාමදාන විනිසුරුවරයා හමුවිමට ඔහුගේ නිවස වෙත ගිය කාන්තාවකට අතවර කිරීමට තැත්කිරීම සම්බන්ධ පොලිස් පැමිණිල්ල මෙතෙක් විභාගකර නොමැති බව වාර්තා වෙයි.

මාතර මූලස්ථාන පොලිසියේ පොලිස් ලමා හා කාන්තා කාර්යාංශය ට  එදින මේ සිදුවීම පිළිබඳව අංක cwiv/53184 යටතේ පැමිණිල්ල ඉදිරිපත් කර  ඇති අතර පොලිසිය එහිදී පැමිණිලිකාරියට  දන්වා ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධව වෛද්‍ය වාර්තාවක්ද අවශ්‍ය බවය.

 ඒ වෙනුවෙන් ඇයට දින දෙක්ක මාතර මහරෝහලේ නේවාසික ව සිටින්නටද සිදුව ඇති අතර එහෙත් සැකකරු අතඩංගුවට ගැනීමට හෝ මේ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් මෙතෙක් සිදුකර නැත .   වාර්තා වන ආකාරයට මෙම කාන්තාව සැප්තැම්බර් 21 වනදා දිවුරුම් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා  තරින්ද අබේගුණවර්ධන නැමති සාමදාන විනිසුරුවරයා හමුවිමට ඔහුගේ නිවස වෙත ගොස් ඇති අතර එහිදී තම රාජකාරිය සිදුකර දෙනු ලබාදීම වෙනුවට චෝදනා ලබා සිටින තරින්ද නැමැත්තා කාන්තාවට අතවර කිරීමට සුදානම්වී ඇත.  එහිදී කාන්තාව නැගූ විලාපය ඒ අසල සිටි පෙදරේරුවකු ට නෑසෙන්නට ඇයට මේ නරුමයාගෙන් ගැලවිල්ලක් නොවන්නට ඉඩ තිබිනි. 

වඩාත් අවාසනාවන්ත සිදුවීම වන්නේ පිදුරංගල ගොස් පසුපස නිරාවරණය වූ ජායාරූපයක් මුහුනුපොතේ පලකල වරදට තරුණයින් කිහිපදෙනෙකු අධිකරණයට ගෙනගිය පොලිසිය කාන්තා අතවර සිදුවීමකදී නිහඬ සහ අක්‍රීය ප්‍රතිපත්තියක සිට කටයුතු කිරීමය.

මෙම පුවත අප පළකරන්නේ පොලිසියේ ඒ උස්තැන් දැක මුනිවත රකින අයුක්තිසහගත හැසිරීම ගැන වගකිව යුත්තන්ගේ සහ ජනතාවගේ අවධානය යොමුකරවන්නය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න