තොරතුරු දැනගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමට බාධා පමුණුවන නීතිරීති ඉවත් කිරීමට රජය කටයුතු කළ යුතු බව කොළඹ ප්‍රකාශනයට විසි වසරක් පිරීම නිමිත්තෙන් සකස්කළ සමාලෝචනයේ සඳහන් වේ.
ජනමාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳව ඇති කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් 1998 වර්ෂයේදී කොළඹ ප්‍රකාශනය ප්‍රකාශනයට පත්වූ අතර එය වසර 10 කට වරක් සමාලෝචනයට ලක්කෙරේ. එහි විසිවන සංවත්සරය වෙනුවෙන් පසුගිය සතියේ එය සමාලෝචනය කෙරුණු අතර එහි සමාලෝචිත ප්‍රකාශනය සඳහා පාර්ශවකාර සංවිධාන අත්සන් තැබීම සැප්තැම්බර් 30 වන දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී සිදු කෙරිණ.
ඒ සඳහා ශ්‍රී ලංකා පුවත්පත් ප්‍රකාශකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා කතෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පාර්ශවකරුවන් වශයෙන් අත්සන් කළේය.
කොළඹ ප්‍රකාශනයේ විසිවන සංවත්සරය වෙනුවෙන් වූ සමාලෝචනය තුළ පුවත්පත් මණ්ඩල පනත අහෝසි කිරීම හා අධිකරණ අපහාස නීතිය අර්ථ නිරූපණය කළ යුතු බවට වූ යෝජනා ද ඇතුලත්ය.
අනිද්දා

