අයවැයට පෙර ඉන්ධන මිල සූත්‍රය ඉවත්කරන්න : මෛත්‍රී තීන්දුවක් අරගෙන 

අයවැයට පෙර ඉන්ධන මිල සූත්‍රය ඉවත්කරන්න : මෛත්‍රී තීන්දුවක් අරගෙන 

ඉදිරි අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙර ඉන්ධන මිල සූත්‍රය වෙනස් කිරීමට ජනාධිපතිවරයා සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට විද්වත් කමිටුවකට දන්වා ඇති බවද වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  පසුගිය 25 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේ පැවති සුහද හමුවකදීද මේ සම්බන්ධව අදහස් දක්වා ඇත.

එහිදී  ඉන්ධන මිල සූත්‍රය ජනතාවට පීඩාකාරීව බලපා ඇති බවත්  ඒ සම්බන්ධයෙන් බොහෝ විවේචන ඉදිරිපත් වී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇති අතර එළඹෙන  අයවැයට පෙර ඉන්ධන මිල සූත්‍රයේ වෙනසක් සිදුකිරීමට තමා අපේක්ෂා කරන බවද එහිදී  සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න