"බදාදා හමුවේ" ආරාධනා පත්‍ර මෛත්‍රීගෙන් : කොන්දේසි බැසිල්ගෙන්

"බදාදා හමුවේ" ආරාධනා පත්‍ර මෛත්‍රීගෙන් : කොන්දේසි බැසිල්ගෙන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර  පසුගිය බදාදා (03) රාත්‍රීයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායකගේ කොළඹ ඇති  නිවසේ  හමුව සිදුවීමට පෙර දෙපාර්ශවයේ විශේෂ නියෝජිතයන් අතර මාස තුනක පමණ කාලයක රහස් සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ආරාධනා පත්‍ර මෛත්‍රීගෙන්

බදාදා දින පැවති  රාත්‍රී  හමුව සඳහා බැසිල් රාජපක්ෂ මහතාද සහභාගීව ඇති අතර ඊට  දින කිහිපයකට පෙර ජනාධිපති මෛත්‍රීපාල  තමන්ට බැසිල් රාජපක්ෂ මහතා මුණගැසිමට අවශ්‍ය බවට දැනුම්දීමක් කර ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

බැසිල්ගෙන් ජනාධිපතිට කොන්දේසියක් 

 දේශපාලන ආරංචිමාර්ග වෙතින්  මේ සම්බන්ධව ලැබුණු වැඩිදුර තොරතුරු මෙසේය. 

ජනාධිපතිවරයාගේ  දැනුම්දීමට  ප්‍රතිචාර දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා දන්වා ඇත්තේ තමන් ජනාධිපතිවරයා හමුවන්නේ මහින්ද රාජපක්ෂ මහතාද එම සාකච්ඡාවට එක්වන්නේ නම් පමණක් බවය. අදාළ සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  සහභාගීව ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාගේ එම කොන්දේසිය ජනාධිපතිවරයා පිළිගැනීමෙන් පසුවය.

එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාගේ නිවසේ  වෙනම කාමරයක්  තුළ මෛත්‍රී-මහින්ද-බැසිල් හමුව සිදුව ඇති අතර හිටපු අමාත්‍යවරුන්  කිහිපදෙනෙක් ද   ඒ  අවස්ථාවේ  එම නිවසේ රැඳී සිට ඇති නමුත් ඔවුන් එම සාකච්ඡාවට සම්බන්ධවී නැත.

නව භාරකාර ආණ්ඩුවක්  

අදාළ සාකච්ඡාවේ ප්‍රධාන අවධානයක් යොමුව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයත්  එක්වීම සහ පාර්ලිමේන්තුවේ අනෙක් පාර්ශවයන්ගේද සහය ඇතිව නව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධවය. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 96 සහ  ආණ්ඩුවේ සිටින තවත් පාර්ශවයන්ගේ සහය ඇතිව නව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට ඇති හැකියාව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයක්,  අනාගත ජනාධිපති ධුරය මැතිසබයෙන් පත් කෙරෙන නාම මාත්‍රධුරයක් කිරීම, ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡාවී ඇති බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න