සැකකටයුතු විදුලි ගිවිසුමෙන් : මිලියන 3500ක අලාභයක් !

සැකකටයුතු විදුලි ගිවිසුමෙන් : මිලියන 3500ක අලාභයක් !

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් කුඩා ජල විදුලිබලාගාර හිමියන් 16 දෙනෙකුගෙන් විදුලිය මිලදී ගැනීම සදහා අත්සන් කල නව ගිවිසුම්වල දෝශයන් තිබියදී කැබිනට් මණ්ඩලය හරහා ඊට නෛතික වලංගුභාවයක් ලබා ගැනීමට විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් විසින් කටයුතු කිරීම නිසා රටට රුපියල් මිලියන 3500ක අලාභයක් සිදුවනු ඇතැයි අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

එම ව්‍යාපාරය ඊයේ (11) කොළඹ සමාජ සහ සාමයික කේන්ද්‍රයේ සිදුකල ප්‍රවෘත්ති සාකච්ජාවකදී මේ බව අනාවරණය කෙරිණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති විමුක්ති  දුෂාන්ත,

"වසර 15ක ගිවිසුම් කාලය අවසන් වීම නිසා කුඩා ජල විදුලිබලාගාර 26ක් සමඟ නව විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් වලට යන්න විදුලි බල මණ්ඩලයට සිදුවෙලා තියෙනවා. 2010 වසරේ මණ්ඩලය හදුන්වාදුන් නව ක්‍රමවේදය යටතේ මෙම ගිවිසුම් වලට එළඹෙනවා. පැරණි බලාගාර වසර 15ක් සම්පූර්ණ කර තිබෙන නිසා ඔවුන්ට නව බලාගාරයකට විදුලි ඒකකයක් සඳහා ගෙවන මුදලම ගෙවිය යුතු නැහැ. ඔවුන් පසුගිය වසර 15 පුරාම විදුලිය විකිණීමෙන් ලාභ ලැබූ නිසා ඔවුන්ට විදුලි ඒකකයක් නිපදවන්න යන වියදම අඩුයි. සාමාන්‍යයෙන් රුපියල් 5.23ක ඒකකයක් සදහා ගෙවීම ප්‍රමාණවත්. නමුත් දැන් මිලදී ගැනීමට සැරසෙන්නේ රුපියල් 8.41කට. බලාගාරයක සාමාන්‍ය ආයු කාලය වසර 20ක්. 

නමුත් ඔවුන් විශාල මුදලක් යොදවලා එම බලාගාර අලුත්වැඩියා කරලා තියනවනම් පමණක් ඔවුන්ට තරමක් ඉහළ මුදලක් ගෙවිය යුතුයි. ඒ වියදම් කල මුදල උපයන්න. එය තමයි නිවැරදි ක්‍රමය.

බලාගාරය 10ක් එකඟ වුණා ඒ ක්‍රමයට 2010 නව ගාස්තු ක්‍රමයේ අවසන් වසර 05ක් සඳහා වන ඒකක ගාස්තුවට මණ්ඩලයට විදුලිය සපයන්න. නමුත් බලාගාර 16ක් එය ප්‍රතික්ෂේප කරලා වැඩි මිලක් ඉල්ලුවා. රාජ්‍ය නිලධාරීන් යොදවා ඔවුන් කැබිනට් මණ්ඩලය පවා නොමඟ යවමින් වැඩි මිලකට විදුලිය මිලදී ගැනීමට සූදානම් වනවා.  කිසිදු අලුත්වැඩියාවක් නොකල බලාගාර සදහා නව බලාගාරයකට ගෙවන ඉහළ මුදලම ගෙවීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. 

ජලය රටේ ජනතාව සතු සම්පතක්. එයින් අයුතු ලාභ උපයන්න දෙන්න බැහැ. රුපියල් මිලියන 3500ක් කියන්නේ විශාල මුදලක්. අපි මේ වංචාවට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නවා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න