Language Switcher

V2025

මෛත්‍රීගේ නත්තල් තෑග්ගට සතුට පළවේ !

ගතව ගිය තෙවසර තුළ රාජපක්ෂ පාලනය සමයේ සිදු වූ බරපතල දූෂණ, වංචා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට අපොහොසත් වූ බවට ආණ්ඩුවට චෝදනා පිට චෝදනා එල්ල වෙමින් පැවතියදී, ශ්‍රීලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවාවල සිදු වූ වංචා හා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමක් ලබන ජනවාරි මස මුල සතියේ පත් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කල ප්‍රකාශය ආණ්ඩුව බලයට පත් කිරීමට දායකවූ සිවිල් සංවිධානවල ක්‍රියාකාරිකයින් කිහිප දෙනෙකුගේම ඇගයීමට ලක්ව ඇත.

"මහජන දේපළ සහ රාජ්‍ය වත්කම් බරපතළ විනාශයකට ලක් කළ" අදාළ ගුවන් සේවාවන් පිළිබඳව පරීක්ෂණ පවත්වමින් වංචාවට දූෂණයට හා අක්‍රමිකතාවයට එරෙහිව දැඩි පියවර ගන්නා බවට ඉරිදා (දෙසැම්බර් 24) පෙරවරුවේ කඩුවෙල සති පොළ භූමියේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන හමුවක් අමතා අදහස් දක්වමින්
ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේය.

sadarana samajaya 1000px

 ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි ආයතනවලට රුපියල් බිලියන ගණනින් පාඩු කළ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඇයි දැයි නොදන්නා බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා ද පසුගියදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

ඒ පිළිබඳව සොයා බැලීම පිණිස දින සියයේ ආණ්ඩුව සමයේ නීතිඥ ජේසී වැලිඅමුණගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුවේ වාර්තාව 2015 අප්‍රේල් මාසයේ අගමැති රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙනු ලැබූ නමුත් මෙතෙක් එහි කිසිදු නිර්දේශයක් ක්‍රියාත්මක කරන ලද බවක් වාර්තා වී නැත.

  99352736 ecc38c6b 2f35 41a0 a2cf 82bb32dd4b28

වැලිඅමුණ කමිටුවේ වාර්තාව අගමැතිවරයා වෙත භාර දුන් අවස්ථාව

 අග්‍රාමාත්‍ය කාර්යාලය මගීන් නිකුත් කරන ලද සංක්ෂිප්ත වාර්තාවේ සඳහන් වූ ආකාරයට සිදුකර ඇති දුෂණ සහ අක්‍රමිකතා වෙනුවෙන් හිටපු ආයතන ප්‍රධානියා අපරාධ පරීක්ෂණයකට ලක් කොට අධිකරණය හමුවේ දඬුවම් ලබාදිය යුතු බව වැලිඅමුණ වාර්තාව මගින් යෝජනා කර තිබේ.

එවකට ගුවන් සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳගේ සොහොයුරා වන නිශාන්ත වික්‍රමසිංහය.

ආයතන ප්‍රධානියා සහ ඔහුගේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් කූට ලේඛන සකසා නිශාන්ත වික්‍රමසිංහ වෙනුවෙන් අති සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගනු ලැබ ඇති බවත් වැලිඅමුණ වාර්තාවේ සඳහන්ව තිබිණ.

 'මාෆියාව' තවමත් ක්‍රියාත්මකයි :

මේ අතර මේ වසර මුලදී මාධ්‍ය හමුවක් ඇමතූ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේ, රාජපක්ෂ පාලනය සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ පැවති 'මාෆියාව' තවමත් ක්‍රියාත්මක වන බවය.

විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජාතික ගුවන් සේවයේ මාෆියාවට එරෙහිව කටයුතු කිරීමට නොහැකිවීම පිළිබඳව කණගාටුවන බවත් අමාත්‍යවරයා ඒ අවස්ථාවේ සඳහන් කළේය.

ඉන් අනතුරුව ශ්‍රී ලන්කන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය ජනාධිපතිවරයා හමුවට කැඳවා කරුණු විමසා තිබිණ.

එමෙන්ම දූෂණ සහ වංචා පිළිබඳව වත්මන් ආණ්ඩුවට ද බරපතල චෝදනා එල්ල වී තිබේ.

 99352738 3ad6af3b 522c 4d55 968a bad4b25d4723

මිහින් ලංකා සමාගමේ හිටපු විධායක නිලධාරී සජින් ද වාස් ගුණවර්ධන

 මේ අතර මිහින් ලංකා ගුවන් සමාගමේ විධායක නිලධාරියා ලෙසින් කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් නඩු පවරනු ලැබ තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රීවරයා ද වන සජින් ද වාස් ගුණවර්ධනට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව පවරා තිබෙන්නේ සිංගප්පූරු සමාගමකට රුපියල් මිලියන 883 ක ලාභයක් ලබා දීමේ අරමුණින් කටයුතු කළ බවට එල්ල වන චෝදනා මතය.

මිහින් ලංකා සමාගම 2013 වසරේ රුපියල් බිලියන 3.3ක පාඩුවක් ලැබූ හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකරගේ සභාපතිත්වයෙන් පැවති කෝප් කමිටුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු වාර්තාවක් සඳහන් විය.

(මුලාශ්‍රය - බීබීසී සිංහල සේවය)