වැලිකඩ ඝාතනයේ සැකකාර එමින් රංජන් යළිත් හිරේ !

වැලිකඩ ඝාතනයේ සැකකාර එමින් රංජන් යළිත් හිරේ !

වැලිකඩ බන්ධනාගාරය තුළදී සිරකරුවන් 27 දෙනෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින  බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රන්ජන් ළමාහේවා තවදුරටත් ලබන 30 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

2012 වසරේ සිදුවූ මෙම ඝාතනයට අදාළ  නඩුව අද(16) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශන  තවදුරටත් සිදුකරන බවය.

එසේම ඊට  අදාළ රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නොමැති බැවින්  සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බවට පත් කරන ලෙසද එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර එමිල් රන්ජන් ළමාහේවා  ලබන 30  වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ආපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද නියම කර ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මේවනවිට අභියාචනාධිකරණයේ  නියෝග පරිදි  පසුගියදා ඇප මත මුදාහැර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න