2017 වසරේ අප්‍රේල් 26 වැනිදා ඉන්දියාව සමඟ අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය නොව බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවට ලබා දීමට එකඟ වී ඇති බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (25) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.
බටහිර පර්යන්තයේ මේ වන විට කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුකර නොමැති අතර එවැනි ආයෝජනයක් කිරීමට ශ්‍රී ලංකා වරයා අධිකාරියට මූල්‍යමය හැකියාවක් නොමැති බවද එහිදී අමාත්‍යවරයා පිළිගත්තේය.
එසේම කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා විශාල මුදලක් අවශ්‍ය වන හෙයින් එහි සංවර්ධන කටයුතු සඳහා ඉන්දියාව පැවරීමට විරෝධයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව 2017 අවබෝධතා ගිවිසුමට පටහැනිව කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එම ගිවිසුමට අදාළව සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් පවතින අතර ඒවා ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් පවතින අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ අවධානය යොමුකර ඒවා කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාවද පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

