හානි පුර්ණ පනතට විරුද්ධ අයගේ පැටිකිරිය : මුජිබර් හෙළිකරයි !

හානි පුර්ණ පනතට විරුද්ධ අයගේ පැටිකිරිය : මුජිබර් හෙළිකරයි !

කරුණා අම්මාන්, පිල්ලෙයාන් සහ කේ.පීලාගේ කරට අත දමාගෙන සිටි  මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ  සහ විමල් වීරවංශලා හානි පූර්ණ පනතට විරුද්ධ වීම රටට විහිලූවක් බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් පවසයි

අද (26) එජාප සිරිකොත මුලස්ථානයේ  පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර දළදා මාලිගාවට බෝම්බ ගැසූ කරුණා අම්මාන්ට කිරි පොවා සුර සැප දුන් ඒකාබද්ධ කල්ලිය එක්සත් ජාතික පක්ෂයට කොටි බොඩ් ඇලවීමට උත්සාහ දැරිම පවා තමා පුදුම වන බවද  මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

‘‘හානිපූර්ණය සඳහා වන කාර්යාලීය පනත පසුගියදා පාර්ලිමේන්තුවේදි සම්මත වුණා. රණසිංහ පේ‍්‍රමදාස, ගාමිණී දිසානායක යන මහත්වරුන් ඝාතනය කල එල්. ටී.ටී. ඊ සාමාජිකයන්ගේ පවුල්වලට මුදල් ගෙවන්න අපි කටයුතු කරන බවට දැන් ඒකාබද්ධ විපක්ෂය අපිට චෝදනා කරනවා.

මේ පනතේ  හොඳ දේවල්, ධනාත්මක දේවල් කතා කරකරන්නේ නැතුව එල. ටි. ටී. ඊ  එකට අපි මුදල් දෙන්න යනවා කියන සටන් පාඨය දාලා බලනවා නැවත  ජාතිවාදය අවුස්සන්න පුලූවන්ද කියලා.

විමල් වීරවංශ මහත්තයා කියන විදියට දළදා මාළිගාවට බෝම්බ  තියපු අයට, අරන්තලාවේ භික්ෂු ඝාතනය කළ අයට  කාන්තන්කුඩියේ මුස්ලිම්  බැතිමතුන් ඝාතනය කළ අයට අපි වන්දි මුදල් දෙන්න යනවලූ. මේ ප‍්‍රහාරයන් සියල්ලටම නායකත්වය දැරුවේ කරුණා අම්මාන් විසිනුයි.

මේ කරුනා  අම්මාන්ට  ඒ අය ඇමැතිකම් දිලා කැබිනට් එකේ වාඩි කලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති කලා. පිල්ලෙයාන්ව මහ ඇමැති කලා. කේ. පීට සුර සැප දුන්නා.  රාජපක්ෂ ආන්ඩු කාලේ මේ අය මෙහෙමයි එල්. ටි.ටී. ඊ එකට හානිපූර්ණය ලබා දුන්නේ. එහෙම කරන ගමන්  අපිට චෝදනා කරනවා. මොකක්ද මේ හතර බීරි කතාව කියලා අපි ඒ අයගෙන් අහනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න