ITN සභාපතිනියට ඇතුල්වීම තහනම්

ITN සභාපතිනියට ඇතුල්වීම තහනම්

ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) සහ ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මියට වහාම ක්‍රියාත්මක වන පරිදි සිය සේවා ස්ථානවලට ඇතුල් වීම  තහනම් කොට ඇත. 

ඒ අනුව තමන්ගේ සේවා ස්ථානවලට ඇතුල් වීමට නොහැකි වාතාවරණයක් පවතින බවයි තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ. ජනාධිපති කාර්යාලයෙන් පැමිණි නිළධාරීන් ඇයට මුදල් අමාත්‍යංශයට වාර්තා කරන්නැයි නියෝග කොට ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ දියණිය චතුරිකා සිරිසේන ගේ නියෝජිතයෙකු ලෙස පත් කළ බුද්ධිනි රාමනායක පසුගියදා ස්වාධීන රූපවාහිනියට එවූ අවස්ථාවේ ජයසුන්දර මහත්මිය එය දැඩි ලෙස විවේචනයට ලක් කර ඇත.

ඉතාම කාර්යක්ෂම නිළධාරිනියක ලෙස ප්‍රකට තිලකා ජයසුන්දර මහත්මියට රාජකාරිය පැහැර හැරීමේ චෝදනා එල්ල කිරිම විමතියට කරුණක් බව ස්වාධීන රූපවාහිනි සේවයේ සේවකයෝ පවසති.

ශ්‍රී ලංකා පරිපාලන සේවය් පළපුරුදු නිළිධාරිනියක වන තිලකා ජයසුන්දර මහත්මියට සිදු කොට ඇති අනිසි බලපෑම් සම්බන්ධයෙන් පරිපාලන සේවා නිළධාරීන්ගේ සංගමයේ විරෝධය  පළකිරීමටද නියමිත බව එම සංගමය පවසයි.   

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න