රදලියගොඩ යකඩ හොරා :  ITN හි යකා නටයි !

රදලියගොඩ යකඩ හොරා :  ITN හි යකා නටයි !

ස්වාධීන රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාව සිටියදී විවිධාකාර දූෂණ කටයුතුවලට සම්බන්ධ වීම හේතුවෙන් වැඩ තහනම් කර සිටි සුදර්මන් රදලියගොඩ ආයතනය තුළට කඩා වැදී  නියෝග දීමට උත්සාහ කළ අවස්ථාවේදී සේවක පිරිසක් ඊට විරෝධය පළ කර ඇත.

මහින්ද රාජපක්ෂ ඇමති ධුරයේ දිවුරුම් දීමෙන් පැය කිහිපයක් ඇතුළත සිය හෙංචයියන්  සමඟ ITN පරිශ්‍රයට මී හරකෙකු ලෙස තප්පුලමින් සභාපතිනියගේ කාමරයට කඩා වැදී තිබේ.

මෙම නොහික්මුණු මැරයා සාමාන්‍යාධිකාරිවරයා ඇමතීමට ගත් උත්සාහය අසාර්ථක වී පරුෂ වචන දොඩමින් කෝපයෙන් හැසිරී ඇත.

මේ වන විට  ITN මහපුටුවට කෙළ හලන මෙම නිර්ලජ්ජිතයාට එහි කිසිදු තනතුරක් ලබා නොදෙන බව රාජපක්ෂ ආරංචි මාර්ග  පවසයි.

කෙසේ වෙතත් යකඩ හොරකමේ ගොස් අතේ මාට්ටු වූ සුදර්මන් රදලියගොඩ වැන්නෙක් ITN ලොකු පුටුවට පත් වුවහොත් ආයතනය සතු වාහන කොටස් ද යකඩවලට විකුණනු ඇතැයි සේවකයෝ පවසති.   

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න