නීතිපති දෙපාර්තමේන්තුවත් සිරිසේන ජනාධිපති යටතට !

නීතිපති දෙපාර්තමේන්තුවත්  සිරිසේන ජනාධිපති යටතට !

වහාම ක්‍රියාත්මක වන පරිදි නීතිපති දෙපාර්තමේන්තුව තමා යටතට ගැසට් කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය රාජපක්ෂ පාලන සමයේද මහින්ද රාජපක්ෂ නීතිපති දෙපාර්තමේන්තුව ඔහු යටතට ගනුලැබූ අතර ඒ හරහා නඩු පැවරීම් මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ සියළු කටයුතු සිදුවුයේ ස්වාධීනත්වයකින් තොරවය. 

ඒ බව 2015 ජනාධිපතිවරණ වේදිකාවේද දැඩි විවේචනයකට ලක්වූ අතර වත්මන් ජනාධිපති සිරිසේනද ඒ හැසිරීම විවේචනය කර සිටියේය.

රාජපක්ෂලා ගැස්සෙයි !

කෙසේ වුවත් ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාව සම්බන්ධව රාජපක්ෂ කඳවුර තුළ දැඩි නොසන්සුන්තාවක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි. මේ වන විට බැසිල් රාජපක්ෂ කුමන්ත්‍රණ ආණ්ඩුව වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කරමින් සිටීම සහ මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපය පමණක් ඉස්මතු වන ආකාරයට ප්‍රචාරණ කටයුතු දියත් කිරීම ගැන ජනාධිපති ලේකම් කාර්යාලයේ අවධානය යොමුවී ඇති බවද දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න