ශ්‍රීලනිප මන්ත්‍රී 11ක් සිරිසේනව අත්හැරලා : සිරිසේනගේ "වල ඉහින්න" බැසිල් හාමි වැඩ ! 

ශ්‍රීලනිප මන්ත්‍රී 11ක් සිරිසේනව අත්හැරලා : සිරිසේනගේ "වල ඉහින්න" බැසිල් හාමි වැඩ ! 

සිරිසේන ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් අද (31) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු හමුව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් 11 දෙනෙකු සහභාගීව නැති බව වාර්තා වෙයි.

දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ඇතුළු 11 දෙනෙකු ඒ අතර වන බවද වාර්තා වෙයි.

මෙසේ අද පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවට සහභාගීවීම වර්ජනය කර ඇත්තේ ශ්‍රීලනිප 16 කණ්ඩායම පක්ෂයෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂයට යන විටත් ජනාධිපතිවරයා සමඟ සිටි පිරිසක්ය. 

ශ්‍රීලනිපයේ සිරිසේන විරෝධයක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මේ පිරිස සිරිසේන ජනාධිපති විසින් රහසේම මහින්දව අගමැති කිරීමට ගනුලැබූ තීරණය සම්බන්ධව බලවත් විරෝධයක පසුවන බවද දැනගන්නට ඇත.

විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට කුමන්ත්‍රණ ආණ්ඩුව බිහිකිරීමේදී ජනාධිපති සිරිසේන බහුතරයක් ඔහු අත්හැර යන විට ඔහුට ශක්තියක් සැපයු පිරිස ගැන කිසිඳු තැකීමක් සිදුකර නොමැති බව පමණක් නොව පසුගිය සමයේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් යොදවා ජනාධිපතිවරයට ශක්තියක් වූ සියළු දෙනා දැඩි විවේචනයට භාජනය කිරීමේ නින්දිත කටයුත්ත පිටුපස ද සිරිසේන ජනාධිපති සිටින බව මේ පිරිසේ අදහස වී ඇත.

එසේම ඉදිරි මැතිවරණයකදී රාජපක්ෂ පාර්ශවය පොදුජන පෙරමුණ ලෙස මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන්ට අත්වන ඉරණම ගැන ජනාධිපතිවරයා වෙතින් කිසිඳු සහතිකයක් නොමැති බැවින් අවම වශයෙන් පක්ෂයේ ස්වාධීනව සිටීම වැදගත් බවද ඔවුන්ගේ විශ්වාසය වී ඇත.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය නොදැක්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධව රාජපක්ෂ පාර්ශවය විසින් ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් සිදුකරමින් සිටින බවද දැනගන්නට ඇත.

සිරිසේනගේ වලේ බැසිල් මාළු බාන්න අරගෙන !

තමන් සමඟ සිටින පිරිස රැකගන්නට අසමත් වුවහොත් මේ උත්සාහය අත්හරින්නට සිදුවන බව රාජපක්ෂ පාර්ශවය අවස්ථා ගණනකදී ජනාධිපතිවරයාට දන්වා ඇති බවද දැනගන්නට ඇත. මතුව ඇති තත්ත්වය සම්බන්ධව රාජපක්ෂ පාර්ශවයද බලවත් අපහසුතාවකට පත්ව සිටින බව වාර්තා වන අතර බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් මේ වන විටත් සිරිසේන පාර්ශවයේ සිටින පිරිස් දිනා ගැනීම වෙනුවෙන් වෙන වෙනම හමුවී සාකච්ඡා කරමින් සිටින බවද දැනගන්නට ඇත.

මෙයින් පැහැදිලි වන්නේ කුමන්ත්‍රණ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ  113 හදා ගැනීම ආරම්භ කළ යුතු වන්නේ 96 සිට නොව 85 සිට බවය. ඒ සඳහා දැනට මිලදී ගෙන ඇත්තේ මන්ත්‍රීවරු 05 දෙනෙකු පමණක් වන අතර  විජේදාස රාජපක්ෂ, ආනන්ද අලුත්ගමගේ, වසන්ත සේනානායක, සුරේෂ් වඩිවේල් සහ දුනේෂ් ගන්කන්ද ඒ අතර වෙයි.

එසේම අද උදෑසන විපක්ෂ නායක ආර්.සම්බන්දන් හමුවූ අවස්ථාවේ තමාට 113 හදා ගන්නට බැරි නම් අගමැතිධූරයෙන් බැස යන්න සූදානම් යැයි මහින්ද රාජපක්ෂ පවසා ඇති බවද දැනගන්නට තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න