ඉක්මන් මැතිවරණයකට සූදානම් වෙන්න : පොහොට්ටුවට නිල උපදෙස් !

ඉක්මන් මැතිවරණයකට සූදානම් වෙන්න : පොහොට්ටුවට නිල උපදෙස් !

කුමන්ත්‍රණ ආණ්ඩුව ස්ථාවර කර ගැනීම දුෂ්කරව ඇති බැවින් වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට සූදානම් වන ලෙස මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දන්වා ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මේ සම්බන්ධව නිල වශයෙන් පක්ෂයේ සියළු සංවිධාන වෙත දන්වන ලෙස ජී.එල්.පීරිස් මහතාට උපදෙස් දී ඇති බවද වාර්තා වෙයි.

නොවැම්බර් 05 වනදා පාර්ලිමේන්තුව කැඳවනු ලැබුවත් පිහිටුවා ඇති ආණ්ඩුවේ ස්ථාවරත්වය සම්බන්ධව කිසිඳු විශ්වාසයක් තැබිය නොහැකි බවත් මහින්ද රාජපක්ෂට අගමැති වන ලෙස ආරාධනා කළ අවස්ථාවේ සිදුකර තිබූ තක්සේරුවට වඩා මුළුමනින් වෙනස් වූ තත්ත්වයක් රටේ නිර්මාණයවී තිබීම මේ තීරණය ගැනීමට හේතුවූ බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

එසේම නොවැම්බර් 5 වනදා වන විට පාර්ලිමේන්තුවේ බහුතරය සකස් කරගන්නට නොහැකි වුවහොත් ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස තරග කලයුතු බව පක්ෂයේ ස්ථාවරය බව දන්වමින් මේ වන විටත් බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වුවත්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට කඩිනම් මැතිවරණයකට යාමේ සූදානම මීට මාස කිහිපයකට පෙරද පක්ෂය වෙත නිල වශයෙන් දන්වා තිබී ඇත. 

ඒ අනුව පැහැදිළි වන කරුණ වන්නේ 2015 ජනාධිපතිවරණයේ සහ අගෝස්තු මැතිවරණයේ ජනමතය ආපසු හැරවීමට මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණය දියත්කර ඇති බවය. සිරිසේන ජනාධිපතිව එම කුමන්ත්‍රණයේ කොටසක් කර ගැනීම පරාජිත රාජපක්ෂ රෙජීමයේ සැළැස්ම වූ බවද මෙයින් පැහැදිළි වෙයි. 

එසේම මෙයින් පෙනී යන්නේ 2020 ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන කඹය ගිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස මෙතෙක් මටයුතු කළ සියළු දෙනාට යනෙන මං නැතිකර ඇති බවය. ඔවුන්ට දැන් සිදුව ඇත්තේ පොහොට්ටුව ලකුණින් එම මැතිවරණයට මුහුණදෙන අවධානම ගැනීමට හෝ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මෙන් අන්ත පරාජයක් ලැබීමටය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න