සිරිසේන ඉස්සරහා : "දුමින්දට" බැන්න තිලංගට, අමරවීරගෙන් ගුටි පූජාවක් : ඩිලාන්ටත් ගුටි !

සිරිසේන ඉස්සරහා :  "දුමින්දට" බැන්න තිලංගට, අමරවීරගෙන් ගුටි පූජාවක් : ඩිලාන්ටත් ගුටි !

කුමන්ත්‍රණ ආණ්ඩුව ස්ථාවර කරගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තුවේ 113 නොමැතිවීම හේතුවෙන් ජනාධිපති කාර්යාලයේ එකිනෙකා මරාගන්නා තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වෙයි.

අද (1) එවැනි ගැටුමක් සිදුව ඇත්තේ අමාත්‍ය මහින්ද අමරවීර, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා අතරය.
වාර්තා වන ආකාරයට දුමින්ද දිසානායක අමාත්‍යවරයා ඇතුළු පිරිසක් මේ වන තුරු කුමන්ත්‍රණ ආණ්ඩුවේ දිව්රුම් නොදීම සම්බන්ධව තිලංග සුමතිපාල ජනාධිපති සිරිසේන වෙත කේලම් කියමින් සිට ඇති අතර එහිදී එක් අවස්ථාවක දුමින්ද දිසානායක කියන්නේ පො****ක් කියමින් බැනවැදී ඇත. ඒ අවස්ථාවේ එතැන සිටි අමාත්‍ය මහින්ද අමරවීර තිලංග සීමාව ඉක්මවා යන බවත් කරුණාකර වැදගත් ලෙස ප්‍රශ්න විසඳගමු කියා පවසා ඇත.
එහිදී තිලංග සුමතිපාල පවසා ඇත්තේ " තොපි සේරම පනින්න ඉන්න බව අපි දන්නවා" කියාය. ඒ අවස්ථාවේ මහින්ද අමරවීර අමාත්‍යවරයා තිලංග වෙත පැන පහරදී ඇති අතර එහිදී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා "අඩෝ, අපේ එකාට ගහන්න උඹ කවුද?" කියා අමරවීර අමාත්‍යවරයාට පහරදීමට පැමිණ ඇත. එහිදී අමරවීර අමාත්‍යවරයා ඩිලාන් පෙරේරා මන්ත්‍රීව තල්ලුකර දමා ඒ ස්ථානයෙන් පිටවගොස් ඇති බවද දැනගන්නට ඇත.
මේ ගැටුම සිදුවන විට ජනාධිපතිවරයා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙන බවද වාර්තා වෙයි.
මෙම සිදුවීමට පෙර එම ස්ථානයේ සාකච්ඡාවී ඇත්තේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ දිව්රුම්දීම සඳහා දුමින්ද දිසානායක අමාත්‍යවරයා ඊයේ (31) බැසිල් රාජපක්ෂට ඉදිරිපත් කල කොන්දේසිය. 
කෙසේ වුවත් මේ මතුව තිබෙන තත්ත්වය සම්බන්ධව මෙතෙක් සිරිසේන ජනාධිපතිට සහය දෙමින් ශ්‍රීලනිපය ආරක්ෂා කරගෙන සිටි මැති ඇමතිවරුන් අතර බලවත් අප්‍රසාදයක් මතුව ඇති බවද වාර්තා වෙයි. 
තමන් සියළු දෙනා පක්ෂ නායක සහ සභාපති ලෙස මෙතෙක් සිරිසේන ජනාධිපතිව ආරක්ෂා කරගෙන සිටියාට දැන් ඒවායේ ප්‍රතිඵල ලැබෙමින් ඇති බවත් අවම වශයෙන් ජනාධිපති සිරිසේන ගැන විශ්වාසය තබා කටයුතු කළ දුමින්ද ට සහ අමරවීර ගැන පවා තැකීමක් ජනාධිපතිට නොමැති බවත් ඒ හේතුවෙන් අවස්ථාව පැමිණි විගස තීන්දුවක් ගතයුතු බවට පොදු එකඟතාවක් මේ පාර්ශව අතර ඇතිකරගෙන තිබෙන බවද වාර්තා වෙයි.  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න