වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ ෆ්ලවර් රෝඩ් හී පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය තුළ සහ ඒ පරිශ්‍රයේ සිටින සියළු කාර්ය මණ්ඩල නිලධාරීන්ට පූර්ව අවසරයකින් තොරව ජංගම ඇතුළු සියළු දුරකථන භාවිතය තහනම් කර ඇත.
කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ලෙස පත්ව සිටින මහින්ද රාජපක්ෂගේ නියෝගය පරිදි මෙම විධානය නිකුත්කර ඇති අතර ඒ සම්බන්ධව නිල නිවේදනය අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (පාලන හා සංවර්ධන) ඒ.එච්.සුනිල් ගුණවර්ධන විසින් නිකුත්කර ඇත.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිදුවන කටයුතු එසැනින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහ ජනාධිපති සිරිසේනගේ කාර්යාලයට ලැබෙන බවට මතුව ඇති දැඩි සැකය මත මේ තීන්දුව ගෙන තිබේ.
එසේම අපේක්ෂිත මන්ත්‍රීධුර 113 ලබා ගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් මිලදී ගන්නට කටයුතු කරන අතර තුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් පෙරලා එක්සත් ජාතික පෙරමුණට එක්වීමට යන බවත්, එසේම ද්‍රවිඩ සන්ධානය මේ වන විට කිසිසේත් රාජපක්ෂ අගමැති වූ ආණ්ඩුවකට සහය නොදෙන බවට තීන්දුවක් ගෙන තිබීමත් හේතුවෙන් රාජපක්ෂ මහතා දැඩි ආතතියකින් පසුවෙන බවද දැනගන්නට ඇත.


