ධර්ම ශ්‍රී පයිසෙට වැටෙයි : ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයට මහින්දගේ ගෝලයන් කඩා පනියි !

ධර්ම ශ්‍රී පයිසෙට වැටෙයි : ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයට මහින්දගේ ගෝලයන් කඩා පනියි !

අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පිහිටුවා තිබූ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය (විසුම්පාය) වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  අරුන්දික ප්‍රනාන්දු, නිරෝෂන් ප්‍රේමරත්න මෙන්ම සුදර්මන් රදලියගොඩ නැමැත්තා අද (03) එහි තිබූ පරිගණක යන්ත්‍ර, ලියකියවිලි ආදිය පැහැරගන්නට උත්සාහ දරා ඇති බව වාර්තා වෙයි.

රාජපක්ෂ අගමැතිගේ පාර්ශවයෙන් බව කියමින් ඔවුන් මෙසේ එම ආයතනය වෙත කඩා වැදී ඇති අතර එහිදී සේවයේ නියුතු පාර්ශව සඳහන් කර ඇත්තේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය මේ වන විට ජනාධිපතිවරයා යටතට ගෙන ඇති බවත් එහි භාරකාරීත්වය සඳහා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ධර්ම ශ්‍රී ඒකනායක පත්කර ඇති බවත් එබැවින් ඔහු දැනුවත්කර අවශ්‍ය දෙයක් කරගන්නා ලෙසය.

එහෙත් ඒ කිසිවක් නොතකා ඇති මේ තිදෙනා ඇතුළු පිරිස පසුගිය කාලය පුරාවට ජනාධිපති මහින්දට මඩ ගැසුවේ මෙතැනින් බවත් දැන් කොයි ලොක්කත් අදාළ නෑ  කියමින් එහි තිබු බඩු බාහිරාදිය එහෙමෙහෙ විසිකරමින් "චණ්ඩි පාර්ට්" දමා ඇත.

මේ සම්බන්ධව ආයතනයේ සිටි කාර්ය භාර පිරිස් ධර්ම ශ්‍රී ඒකනායක දැනුවත් කර ඇති බවද  දැනගන්නට ඇති අතර දැන් ඒ ගැන ජනාධිපතිවරයාද දැනුවත් කර ඇතැයි වාර්තා වෙයි.

එසේම මීට දින කිහිපයකට පෙර මෙම ස්ථානයට කඩා වැදුණු ස්වාධීන රූපවාහිනී සේවයේ නිරත වජිර පෙරේරා නැමැත්තා මෙම ආයතන පරිශ්‍රයේ සහ අභ්‍යන්තරය වීඩියෝ කරගෙන ගොස් තිබෙන බවද දැනගන්න ඇත.

සැබවින්ම මේ නොමනා හැසිරීම පෙන්නුම් කර ඇත්තේ කුමන්ත්‍රණයක් හරහා අගමැති පුටුව අල්ලාගත් මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ ගෝලයන් බාන සිය සුපුරුදු කටයුතු වලට පිවිසෙමින් ඇති බවය. එය කොතරම් දුරදිග යන්න ගෙන ඇත්ද කියනවා නම් මේ වන විට ජනාධිපතිවරයාගේ උසස් නිලධාරීන් පවා නොතකා මහින්දගේ ගෝලයන් වැඩ අල්ලා ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න