"හෙලෝ ... රංගේද..?" අනාවරණයෙන් : කුමන්ත්‍රණ ආණ්ඩුව දෙදරයි - අතරමැදියන් යළි කැඳවයි !

"හෙලෝ ... රංගේද..?" අනාවරණයෙන් : කුමන්ත්‍රණ ආණ්ඩුව දෙදරයි - අතරමැදියන් යළි කැඳවයි !

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරව කුමන්ත්‍රණ ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීම සඳහා  රුපියල් කෝටි 50 ක මුදලක් සහ කැබිනට් අමාත්‍යධුරයක් ලබාදීමට ගනුලැබූ උත්සාහය හඬපට සාක්ෂි සහිතව අනාවරණය වීමත් සමඟ කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්‍රධානීන්  බරපතල අර්බුදයකට පත්ව ඇති බව වාර්තා වෙයි.

පාලිත රංගේබණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා මෙම අනාවරණය සිදුකර සිටියේ අද (03) අරලියගහ මන්දිරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්‍රබලයකුගේ පාර්ශවයෙන්  එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා අමතා බැනවැදී  ඇති අතර ඊට හේතුවී ඇත්තේ අදාළ දුරකථන සංවාදයේදී (HE) ජනාධිපතිවරයා සම්බන්ධ කරගෙන අදහස් දැක්වීමය.

එසේම විශ්වසනීයත්වය මුළුමනින්ම තහවුරු නොකරගෙන ජනාධිපතිවරයාට තොරතුරු නිවැරදිව ලබා නොදීමද එස්.බී. දිසානායකට බැණුම් ඇසීමට හේතුවී තිබේ.

පහත දැක්වෙන්නේ එම දුරකථන සංවාදයයි.

එම සංවාදයේදී රාජ්‍ය අමාත්‍ය  රංගේබණ්ඩාර වෙත ජනාධිපතිවරයා හරහා ද ඇමතුමක් ලබාදී ඇති බවක් කියවෙන අතර එහිදී  ජනාධිපතිවරයාට අදාළ ඇමතුම ගැනීම සඳහා උපදෙස් ලබාදී ඇත්තේද එස්.බී මන්ත්‍රීවරයා බවද ඔප්පු වෙයි.

මේ සම්බන්ධව රාජපක්ෂ පාර්ශවයද බෙහෙවින් කළබලයට පත්ව ඇති අතර කුමන්ත්‍රණ ආණ්ඩුවට මන්ත්‍රීවරුන් බිලී බා ගන්නට යොමුකර සිටි සියළු දෙනාට ඒ කටයුතු නවතාදමන ලෙස දන්වා ඇති බවද දැනගන්නට ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න