ජනාධිපතිවරයා විසින් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්කර ඇත.
ඔහු අද උදැසන ජනාධිපතිවරයා හමුවේ එම අමාත්‍ය ධුරයේ දිව්රුම් දී තිබේ.
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ කටයුතු සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලෙන් පසුවූ ජනාධිපතිවරයා පියසේන ගමගේ රාජ්‍ය අමාත්‍යවරයා හරහා මින් ඉදිරියට පොලිසිය මෙහෙයවීමට තීරණය කර ඇතැයි ශ්‍රීලනිප ප්‍රබලයකු 'නිව්ස් ටියුබ්' වෙත පැවසිය.
රාජපක්ෂවරුන්ට සහය පලකරන බවට සාගල රත්නායක මහතාට ශ්‍රීලනිපයෙන් චෝදනා එල්ලවී තිබිණ.

