පසුගිය 23 වැනිදා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලන්සා මහතා අද (28) මාධ්‍ය හමුවක් කැඳවමින් ඒකාබද්ධ විපක්ෂයට සහය පළකරද්දී ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් දෙදෙනෙකු ජනාධිපතිවරයාට සහය පලකිරීමට එක්ව තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණේ ප්‍රචාරක ලේකම් හා කඩුවෙල සංවිධායක වන සෝමවීර චන්ද්‍රසිරි මහතා සහ විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ යන දෙදෙනා එලෙස අද (28) උදැසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ආණ්ඩුවට සහය පලකිරීමට එකඟත්ව පළකර ඇත.

