දින 21ක් තුළ රුපියල් මිලියන 25ක මුදලක් ගෙවීමට කටයුතු කරන ලෙස දැනුම්දෙමින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වෙත එන්තරවාසියක් යොමුකිරීමට පාරිභෝගික පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
2017 දෙසැම්බර් 20 වනදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා විසින් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සම්බන්ධව ද්වේශසහගතව පදනම් විරහිතව පාරිභෝගික ප්‍රජාව අතර කළකිරීමක් සහ වැරදි හැගීමක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම පදනම් කරගෙන නීතිඥ විකුම් බස්නායකගේ අත්සනින් යුතුව එම එන්තරවාසිය යොමුකර ඇත.
එසේම පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය 2003 අංක 09 දරණ පාරිභෝගික අධිකාරී පනත යටතේ ලියාපදිංචි කළ සංවිධානයක් බවත් 2016 ඔක්තෝබර් 21 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් මිල අඩුකළ ඖෂධ නමුත් නැවත 2017 දෙසැම්බර් 14 වන දින අති විශේෂ ගැසට් පත්‍රය මඟින් එම ඖෂධ මිල නැවත වැඩි කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කරමින් ප්‍රසිද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට තම සේවාදායකයා ක්‍රියා කිරීම අමාත්‍යවරයාගේ මෙම ද්වේශ සහගත කරුණු දැක්වීමට පදනම් වී ඇති බවද එම එන්තරවාසියේ සඳහන් කර ඇත.



