ජනාධිපති සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙතින් නාම යෝජනා භාරදීමට සූදානම් බව වාර්තා වෙයි.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ඇය පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා මෙසේ නාම යෝජනා ලබාදීමට සුදානමින් සිටියි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ එළඹෙන මහ මැතිවරණයට මුහුණදීමට සිටි චතුරිකා සිරිසේන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරන ලෙස දන්වා ඇත්තේ ඇයගේ උපදේශකයකු විසින් බවත් ඒ හැර මෙවර මැතිවරණය ජයග්‍රහණය කිරීමට කිසිම හැකියාවක් නොමැති බව ඔහු පෙන්වාදී ඇති බවත් වැඩිදුරටත් දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර ඉතිහාසයේ බරපතලම සෝදාපාළුව හමුවේ ඇති බැවින් එයට කර නොගහන ලෙසත් ඒ වෙනුවට පොහොට්ටුව පක්ෂයෙන් ඉල්ලා ජයග්‍රහණය කිරීමට පමණක් නොව රාජපක්ෂ - සිරිසේන පවුලේ දේශපාලන හිතවත්කම් වඩාත් ශක්තිමත් කිරීමට ඇති හැකියාව ගැනද එම උපදේශකයා වැඩිදුරටත් පෙන්වාදී ඇති බවත් වාර්තා වෙයි.

