ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අත ලකුණ හෝ එක්සත් ජනතා නිදහස් සංධානයේ බුලත් කොළය ලකුණ මෙවර මහ මැතිවරණයේ දී බිහිවන නව සංධානයේ ඡන්ද ලකුණ නොවන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසයි.
අද (11) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කල අතර ආණ්ඩු විරෝධී ජනතාවගේ හැඟීම බලාපොරොත්තුව පොහොට්ටුව ලකුණ බවට පත්ව ඇති බැවින් එම තීරණය කාගේත් පොදු තීරණය බවද ඔහු පවසා සිටියි.
එසේම ගොඩනගන නව සංවිධානය ගැනද මන්ත්‍රීවරයා අදහස් දැක්වූ අතර ‘‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂයත්, ජාතික නිදහස් පෙරමුණත් පිවිතුරු හෙළඋරුමයත් ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයත් දේශ විමුක්ති ජනතා පක්‍ෂයත් සමසමාජ සහ කොමියුනිස්ට් පක්‍ෂත් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ ඊපීඞීපී සහ අතාවුල්ලා මහතාගේ දේශපාලන පක්‍ෂය ඇතුලූ සියලූ දේශපාලන කණ්ඩායම් ජාති හිතෛෂී කඳවුර තුල ගොනුවෙමින් පවතිනවා." යනුවෙන් ඒ ගැන පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
අද පොහොට්ටුව ලකුණ ඉතාම ආකර්ශනීය, ශක්තිමත් සලකුණක් ලෙස ජනතාවගේ හදවත් තුල පැලපදියම් වෙලා තියනවා. ආණ්ඩු විරෝධී ජනතාවගේ හැ`ගීම බලාපොරොත්තුව පොහොට්ටුව ලකුණ බවට පත්වෙලා තියනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජියෙක් ලෙස ආණ්ඩු විරෝධී සියලූ බලවේග එකට එක්කරගත් පොහොට්ටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත්වීමේ බලාපොරොත්තුවක් අපේ තියනවා. කැමැත්තක් තියනවා. ඒ ස`දහා අදාල කාරණා සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒකාබද්ධ පොදු සංධානයක් ලෙස ඉදිරිකාලයේ මැතිවරණයට ඉදිරිපත්වීමටත් රජය ශක්තිමත් කිරිමටත් බලාපොරොත්තු වෙනවා.‘‘

