ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී ආකාරයට පාර්ලිමේන්තුව විසුරවා හැරීම සම්බන්ධව මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් ජාතික මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය එස්.රත්නජීවන් හූල් විසින් මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති බව වාර්තා වෙයි.
නීතිපතිවරයා, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, එම්.ඒ.පී.සී. පෙරේරා, සහ ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න යන අයව මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
එසේම ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අනුව මහ මැතිවරණයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විසින් මැතිවරණ කොමසාරිස් ජනරාල් එම.ඒ.පී.සී. පෙරේරා වෙත බලය ලබාදෙමින් නිකුත් කළ ලියවිල්ලටද ඔහු අත්සන් තබා නැත.
ඒ බව දැක්වෙන ලියවිල්ලක් සමාජ මාධ්‍ය ජාල අතර හුවමාරු වෙමින් පවතී. පහත දැක්වෙන්නේ එම ලියවිල්ලය.


