පාර්ලිමේන්තුව විසුරවා හැරීම නීති විරෝධීයි : පෙත්සම් 11ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ !

පාර්ලිමේන්තුව විසුරවා හැරීම නීති විරෝධීයි : පෙත්සම් 11ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ !

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු  පක්ෂ රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් 11 ක් අද (12) සළකා බලන බව අධිකරණ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මෙම පෙත්සම් අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවනු ලැබේ.

මේ වන විට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය විමල්  වීරවංශ , එක්සත් ජාතික පක්ෂය,  දෙමළ ජාතික සන්ධානයෙන් ඒම්.ඒ සුමන්තිරන්, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලීම් කොංග්‍රසය මෙන්ම සිවිල් ක්‍රියාකාරීන් මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙන් මෙලෙස පෙත්සමක් ගොනු කරන බව එක්සත් ජාතික පක්ෂය කියා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න