ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන් වෙනයම් පක්‍ෂය සාමාජිකත්වය ලබා ගැනීම ශ‍්‍රීලනිප විනය කඩකිරීමක් යයි ශ‍්‍රීලනිප මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසා ඇති බව රාජපක්ෂ හිතවාදී වෙබ් අඩවි වාර්තා කරයි.
එම පුවතේ වැඩිදුරටත් දැක්වෙන්නේ එවන් ක‍්‍රියා සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව මගින් විනය කමිටුවක් පත් කර ක්‍රියාමාර්ග ගන්නා බවය.
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම සම්බන්දයෙන් කල විමසීමකදී ඔහු මේ බව කියා සිටි බවද එම පුවතේ දැක්වේ.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ ශ‍්‍රීලනිප සාමාජිකයන් 30කට වැඩි පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන ඇත.
මේ සම්බන්ධව අදහස් දක්වන ශ්‍රීලනිප ජේෂ්ඨයකු සඳහන් කර සිටියේ ශ්‍රීලනිපය විනාශයට වත්මන් මහ ලේකම්ද සෘජුව වගකිව යුතුව ඇති බවයි.
පක්ෂයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධව කිසිඳු උනන්දුවකින් යුතුව කටයුතු සිදු නොවූ බවත් පක්ෂය රැකගැනීම වෙනුවෙන් කලයුතු සියල්ල අත පසුවකොට ඇති බැවින් දැන් කලයුතු එකම සේවය මහ ලේකම් එම ධූරයෙන් ඉවත්ව යාම බවද ඔහු පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
